බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගනිමින් උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය නිසා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම කවරේද යන්න සතියකින් දන්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද(14) නියෝග කළේය.
වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.