උමාඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට එයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවට 2005 වසරේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් හරහා පවසා ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද (28දා) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
2008 දී කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසින් කරන ලද සාකච්ඡාවලින් අනතුරුව උමාඔය ව්‍යාපෘතියට අත්සන් කළද, එය ක්‍රියාත්මක වූයේ 2011දී බවද ඔහුගේ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම උමඟක් ඉදිකිරීමට කැණීම් සිදුකරන විට ඊට ඉහළින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක් බවත්, උමඟ ඉදිකරන අතරතුර එම ජල කාන්දුව නැවැත්වීමට පියවර ගත යුතු බවත් ඔහු පවසයි.
එසේම ජල කාන්දුව හටගැනීමට හේතුව උමඟ හැරීමට යොදවා ඇති ජර්මානු යන්ත්‍රය ඉදිරියට කැණීම් සිදුකිරීමේදී ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම බවත්, කලට වේලාවට පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.