සති තුනක කාලයකට තාවකාලිකව නතර කළ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම සඳහා මහාචාර්ය කපිල දසනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් මණ්ඩලයක් පත්කර ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවසීය.
මෙම විද්වත් මණ්ඩලය මගින් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් භූගත ජලය සිඳීයාමට යම් දායකත්වයක් සපයා ඇද්ද යන්න සම්බන්ධයෙන්, අවශ්‍ය වුවහොත් උමඟේ ගමන් මාර්ග වෙනස් කිරීම සම්බන්ධයෙන් හා උමඟට සිමෙන්ති විදීමක් සිදුකිරීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකිවේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
භූ කර්මාන්ත සම්බන්ධයෙන් විද්වතුන් 10 දෙනකුගෙන් සමන්විත මෙම කමිටුව ලබාදෙන වාර්තාව පදනම් කර ගනිමින් ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු තීරණය කරන බව පැවසූ අමාත්‍යාංශයේ ලේකම්වරයා, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහි ආරම්භක අවස්ථාවේදීම නිසි අයුරින් ජනතාව දැනුවත් නොකිරීම වර්තමාන තත්ත්වයට හේතුවී ඇතැයි පැවසීය.