අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (24දා) සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා පැවැත් වේ.
මධ්‍යස්ථාන 2180කදී තුන්ලක්ෂ නවදහස් හැට නවදෙනෙකු විභාගයට මුහුණදෙන අතර, විභාග මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යස්ථාන 303ක් ස්ථාපිත කර ඇත.
සියලුම විභාග අපේක්ෂිකයන් කාලසටහන් නිවැරදිව කියවා බලා නිවැරදි වේලාවට පැය භාගයකට පෙර විභාග ශාලාවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.
අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර සැප්තැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන බවත් , ඒ සඳහා ගුරුවරුන් 7600ක් සහභාගී වන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
අද සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වෙන උසස්පෙළ විභාගයේදී යම් ගැටලුවක් හෝ අක්‍රමිකතාවක් ඇතිවුවහොත් ඒ පිළිබඳව 1911 දුරකථන අංකයට හෝ 0112 -784208 හෝ 0112 -784537 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.