තමා පන්සලක ඉඩම් උගස් කර මුදල් ලබාගෙන ඇති බවට අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ප්‍රකාශය සත්‍ය නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවත්, එය අසත්‍ය නම් අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දේශපාලනයෙන් සමුගත යුතු බවත් දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී. උපුල් මහතා පැවසීය.
කුඩාවැල්ල තම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඩී.වී. උපුල් මහතා මේ බව අද (21දා) පැවසීය.
අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කළේ, හම්බන්තොට පන්සලක ඉඩකමක් උගස් කරමින් ඩී.වී. උපුල් මහතා රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 50 ණයක් අරගෙන ඇති බවයි.
"මම වගකීමෙන් කියනවා මමවත් මගේ බිරිඳවත් දරුවන් හතර දෙනාවත් ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියලක්වත් අරන් නෑ. පන්සලක ඉඩමක් උකස් තියනවා තියා පන්සලකින් අට පිරිකරක්වත් අපි අරගෙන විකුණලා නෑ. ඒ නිසා මම අභියෝග කරනවා රංජන් රාමනායක ඇමතිතුමාට එතුමා කියන මේ දේ ඇත්ත නම් මේ අවුරුදු 12 ක් ගොඩනගාගත්ත කීර්තිමත් දේශපාලනය අතහැරලා අමාත්‍ය ධුරයෙන්, මන්ත්‍රී ධුරයෙන් පමණක් නෙවෙයි දේශපාලනයෙන්ම සමුගන්නවා කියලා.
එතුමා මේ කිවුවෙ සත්‍යයක් නම් මේක ඔප්පු කරන්න. එහෙම නැත්තම් ඔබතුමත් ගෞරවයෙන් මේ බොරු කීම නවත්තලා ඉල්ලලා අස්වෙන්න ඕන. මම මට වුණු අපහාසට අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා." යැයි අමාත්‍යවරයා පැවසීය.