මැතිවරණය හේතුවෙන් කල්දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වා දිවයිනේ සියලූ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ කටයුතු ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරය මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප්රදානය කිරීම වෙනුවෙන් අද (03දා) පස්වරුවේ මඩකළපුව, වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළින් අධ්‍යාපන ක්රමයේ යම් යම් වෙනස්කිරීම් සිදු කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට පවතින අධ්‍යාපන ක්රමයේ අඩුපාඩු හේතුවෙන් රටට සම්පතක් වන උපාධිධාරීන් ද විරෝධතා කිරීමට පෙළඹී ඇති බව කියා සිටියේය.