සංවර්ධන නිලධාරීන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව සිදුකරන සම්මුඛ පරීක්ෂණ පිළිබඳව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ පුළුල් අවධානය යොමුවී තිබේ.
ඇමතිවරයා සඳහන් කළේ, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් නොලැබ අභියාචනා ඉදිරිපත් කළ සියලුදෙනාට කැඳවීම් සිදුකරන බවත්, ඒ සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.