කිරිඳිවැල මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක පිහියෙන් ඇණ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 24ක් වූ චතුරිකා ජයනි නම් වූ තරුණියක් මෙසේ මරා දමා තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් නිවසේ සිටි අවුරුදු 64ක පුද්ගලයෙකුද තුවාල ලබා තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.