උප්පුවේලි පොලිස් වසමට අයත්, නුවරපාර,5 කණුව ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස්රථයකටඊයේ (03දා) අලුයම ගිනිතබා විනාශ කරඇතැයි පොලීසිය කියයි.
ගින්න පැතිරෙන අවස්ථාවේ බසයේ අයිතිකරු නිවසේ සිට ඇති අතර, ගින්නෙන් බසය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මෙම බස් රථය සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇති අතර, පසුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් අයිතිකරුට ලබා දී ඇතැයිද සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව