ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එක් පක්ෂයක හෝ එක් කණ්ඩායමක අදහස පමණක් අන්තර්ගත නොවිය යුතු බවත් සියල්ලෝම අතර උපරිම සම්මුතිය ඇතිවන අයුරින් සැකසිය යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරන්න පරණවිතාරණ මහාතා කීය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (16) විසුම්පාය ශ්‍රවණාගාරයේදී පැවති සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට ජනතාවගේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණද ව්‍යවස්ථා සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබේදැයි යන්න ප්‍රශ්නයක් බවත්, ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් උපරිම සංවාදයක් ජනතාව අතර ඇතිවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.