2015 අ.පො.ස (සා/පෙළ) විභාගය දෙසැම්බර් මස 08 වැනි අඟහරුවාදා දින ආරම්භ කර දෙසැම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා දිනෙන් අවසන් වෙයි.
අ.පො.ස. (සා/පෙළ) විභාගයට අදාළව 2015.12.02 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන 2015.12.17 වැනි දින දක්වා සම්පූර්ණ කාලය තුළ එම විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, එම පංති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියයි.
එවැනි නීතිවිරෝධී කටයුතු කරන්නේ නම් විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 011 278 4208/ 011 278 4537, පොලිස් මූලස්ථානය 011 242 1111, පොලිස් හදිසි ඇමතුම් අංකය 119 යන අංකයන්ට දැනුම්දෙන ලෙස කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.