ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සි ආයතනවල කටයුතු සඳහා පවත්වාගෙන ගිය විදේශ රැකියා ප්රවර්ධන නිලධාරී ලෙස හැඳින්වූ උප ඒජන්තවරුන්ගේ (Sub Agent) තනතුර වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කර ඇතැයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ සමගම එම උප ඒජන්තවරුන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදුන් නිල හැඳුනුම්පතද අවලංගු කර ඇතිබව එම කාර්යාංශය සඳහන් කරයි.