අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා මහත්මියට පාර්ලිමේන්තුව තුළදී අපහාසාත්මකව කතා කිරීම පිළිබඳව ප්‍රසිද්ධයේ සමාව ගතයුතු බව ප්‍රවීණ කලාකරුවෝ කිහිපදෙනෙක් අද (09දා) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ.
“යූරෝපයේ රටක බස්නැවතුමකදි මෙහෙම කිව්වත් දඬුවම් ලබනවා. ඒත් අපේ රටේ පාර්ලිමේන්තුව තුළත් කාන්තාවන්ට අපහාස කරනවා. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකළ යුතුයි කියන, කාන්තා හිංසනයට විරෝධය දක්වන වත්මන් අමාත්‍යවරු කෝ? ඔවුන් මේ ගැන මොනවද කියන්නේ? මේ අපහාසය සමස්ත කලාවටමයි. සමස්ත කාන්තාවන්ටමයි. සුජීව සේනසිංහ මහතා සමස්ත කාන්තාවන්ගෙන්ම ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි* යැයි රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මහතා,
“සිදුවූ දේ පිළිබඳව අපි කනගාටුවෙනවා. ඒ වගේම පිළිකුල ප්‍රකාශ කරනවා. සුජීව සේනසිංහ නිළි රැජින මාලනී ෆොන්සේකාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි* යනුවෙන් සඳහන් කළේය.
රවීන්ද්‍ර රන්දෙණිය, ඕෂධී හේවාමද්දුම, සුදත් රෝහණ, අජිත් ලොකුගේ, නීලා වික්‍රමසිංහ ඇතුළු කලාකරුවන් රැසක් මෙම සිදුවීම හෙළා දකිමින් අදහස් දැක්වූ අතර, සුජීවසේනසිංහ මහතා සමාව ගතයුතු බවද පවසා සිටියහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මියද එක්ව සිටියාය.