බලබෝව කනිටු විදුහලේ සිසුසිසුවියන් විසිදෙනෙක් උදේ ආහාරය ගැනීමෙන් පසු අසාත්මිකතාවයකට ලක්ව මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි වේයන්ගොඩ පොලීසිය කියයි.
අද (15 දා) තුන්වැනි වසරේ දරුදැරියන් ඔවුනට සපයා තිබූ හාල්මැස්සන් තක්කලි ගොටුකොල හා ඇම්බැරැල්ලා සමග බත් ආහාරයට ගැනිමෙන් පසු මෙසේ රෝගාතුරව ඇති අතර වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිමට පියවර ගෙන ඇත.
දරුවන්ගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවත්තා බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.