උද්භිද උද්‍යාන තුළ ඉතා පහසුවෙන් සංචාරය කිරීම සඳහා නවීන පහසුකම්වලින් සමන්විත බැටරි කාර් හඳුන්වාදීමට පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට සහ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයට මෙම බැටරි කාර් තුන බැගින් ප්‍රථමවරට හඳුන්වාදී තිබේ.
එක් බැටරි කාරයක් තුළ එකවර 8 දෙනෙකුට ගමන් කළ හැකි අතර, ඒ සඳහා පැයකට ගාස්තුව රැ. 500 කි.
උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී අනිකුත් සියලුම උද්භිද උද්‍යානවලටද බැටරි කාර් හඳුන්වාදීමට උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ආමාත්‍යාංශය තීරණය කර තිබේ.