සයිටම් විරෝධී සිසු පාගමනක් හේතුවෙන් අද (21දා) සොයිසා වටරවුමෙන් වෝඩ් පෙදෙස හා කින්සි පාර මේ වන විට අවහිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තද බදයක් නිර්මාණය වී ඇති බැවින් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.