උදලු ගෑමට හා පොහොර දැමීමට ලාංකිකයෙකුගෙන් නව යන්ත්‍රයක්
වගා බිමකදී පොහොර දැමීමට හා උදලු ගෑම සඳහා අඩු වියදම් යන්ත්‍රයක් සැකසීමට නාඋල - අළුගොල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබේ.
හුංගන්වෙල, අළුගොල්ල ලිපිනයේ පදිංචි කේ.ජී. චන්දික ජයන්ත සේනාධීර වන 30 හැවිරිදි මොහු කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියැළෙන, තාක්ෂණික උපකරණ ස්ව උත්සාහයෙන් නිපදවන තරුණයෙකි.
අලුතින් නිර්මාණය කර ඇති නව යන්ත්‍රය සඳහා අඩු මුදලක් වැය වූ බවත්, අක්කරයක පමණ ප්‍රමාණයක පොහොර දැමීම දිනකදී පමණ තනි පුද්ගලයෙකුට පහසුවෙන් සිදුකළ හැකි මෙම යන්ත්‍රයට කිසිදු ඉන්ධන විශේෂයක් අවශ්‍ය නොවන අතර, මෙය සම්පූර්ණයෙන් අතින් ක්‍රියාකරන බවත් මෙහි නිර්මාණකරු වන චන්දික මහතා පැවසීය.
අවශ්‍ය විටෙක පොහොර යොදන කොටස ඉවත්කර උදලු ගෑම සඳහා ඉතා කුඩා මෙවලමක් යන්ත්‍රයට සවි කිරීම තුළින් අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් පහසුවෙන් උදලු ගා ගැනීම හා පාත්ති මට්ටම් කිරීම වැනි කටයුතු සඳහා මෙම යන්ත්රයම යොදා ගැනිමට හැකියාව පවතින බවද හෙතෙම කියා සිටියේය.
ගොවිතැනින් ජීවත්වන තමන්ගේ වගා කටයුතුවලදී කම්කරුවන් සොයාගැනීමට පවතින අපහසුතාවට පිළියමක් ලෙස මෙම නව නිර්මාණය බිහිකළ බව හෙතෙම සඳහන් කළේය.
පසුගිය කන්නයේ තමන්ගේ වගා බිමේ රට කජු වගාකළ බවත්, එහි අස්වැන්න නෙළීමේදී මතු වූ සේවක ගැටලුවලට විසඳමක් ලෙස රට කජු ගලවන යන්ත්‍රයක් නිපද වූ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම නව බහුකාර්යය යන්ත්‍රය නිපදවීම සඳහා ඉවතලන යකඩ කොටස් වැඩි වශයෙන් යොදාගෙන ඇති අතර, ඕනෑම පුද්ගලයෙකුට මෙය පහසුවෙන් භාවිතා කළ හැකි අයුරින් නිපදවා තිබීමද විශේෂත්වයකි.
නාවුල ඉන්දික අරුණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




