උදලාගම හා පරණගම ජනාධිපති කොමිෂන් කොමිසමේ වාර්තා ‘ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට’පෙර ප්‍රසිද්ධ කරන්නැයි කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.
මෙම වාර්තා දෙක කඩිනමින් ඉදිරිපත් කිරීම මගින් ජිනීවා යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේදී පවත්වන විවාදය අර්ථවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.