ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නිලධාරීන් ඩුබායි වෙත පිටත් කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
ඔහුගේ ට්විටර් ගිණුමේ මේ බව දැක්වෙන අතර ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමග ඔහු ඩුබායිහිදී ඊයේ (04දා) අත්අඩංගුවට පත්විය.
මේ සඳහා රාජ්‍ය ත්රාත්තිකයන් හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඩුබායි අදාළ අංශ සමග සමීපව කටයුතු කරමින් සිටින බවත් මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයෙක් බවත් සාගල රත්නායක මහතා පවසයි.