රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පිළිබඳ තොරතුරු සෙවීමට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් යුක්රේනයට ගොස් ඇතිබවත් ඒඅතර තුර ඔහු තායිලන්තයට පැමිණ සිටි බවක් තමන්ද දැනගත් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
යුක්රේනයේ ත්‍රස්තවාදී සංවිධානයකට අවි ලබාදීමේ ජාවාරමකට චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග නැමැත්තා
ඔහුගේ ෆේස්බුක් අඩවියේද ක්‍රියාකාරිව සිටින බවත්, අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම උදයංග පිළිබඳ සිදුකරන විමර්ශන නතර කර නැතැයිද අමාත්‍යවරයා පැවසුයේ කළේ කැබිනට් තීරණ දැනුම්දීම නිමිත්තෙන් අද (27) පැවැති මාධ්‍ය හමුවේදීය.