රුසියාවේ හිටපු තානාපති මෙරටට ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත්, ඔහු මෙරටට ලබාදීම ඩුබායි රාජ්‍යයේ කටයුත්තක් බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
ජාතික වශයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුත්තකට ඔහු අවශ්‍ය බවට ඩුබායි රාජ්‍යයට එත්තු ගන්වන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී හෙතෙම සඳහන් කළේය.
උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිල් නිවේදනයක් මුලින්ම නිකුත් කළ බවත්, ඉන් පසුව මෙහි ඇති බැරෑරුම්කම පෙන්වා දී රතු නිවේදනයක් නිකුත් කළ බවද පොලිස්පතිවරයා පවසා සිටියේය.
ඔහු ගෙන්වා ගැනීම සඳහා මෙරට තුළ දේශපාලන කටයුතු හා රාජතාන්ත්‍රික කටයුතු සිදු වුවද, ඩුබායි රාජ්‍යයේ කැමැත්තක් තිබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.