විදුලි රැහැන් යෙදවීම හා හක්කපටස් වෙඩි තැබීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාතේ 2017 වසරේ සිට මේ දක්වා වන අලින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවට උතුරු පළාත් භාර පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිධරන් මහතා පැවසීය.
වෛද්‍යවරයා මේ බව පවසා සිටියේ, වවුනියාව පූවර්සන්කුලම් කැලෑ ප්‍රදේශයේදී මිය ගොස් සිටි වනඅලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවීමෙන් පසුවය.
මිය ගොස් සිටි අලි පැටවා වයස අවුරුදු 3 ක් පමණ වන අතර, අලි පැටවා මිය යාමට හේතුව නිශ්චිතවම හෙළි නොවුනද විදුලි රැහැනක් හෝ හක්ක පටස් වෙඩිල්ලක් යෙදවීමෙන් මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීහු සැක පළ කර සිටිති.