උතුරේ තරුණ තරුණියන්ගේ රැකියා ප්රශ්නය විසඳීම සඳහා වවුනියාව, මන්කුලම්හි අක්කර 1000ක ආර්ථික කලාපයක් ඇති කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනුරුත්තාපන නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සඳහන් කරයි.
අදියර තුනක් යටතේ ආර්ථික කලාපය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර සම්පූර්ණ ඉදිකිරීම් අවසන්වූ පසු ඒ හරහා රැකියා 50000ක් ඇති වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම ආයෝජන කලාපයේ ආයෝජන සිදුකිරීමට දැනටමත් විදේශ ආයෝජකයන් රාශියක් ඉදිරිපත්වී සිටින බවද එම අමාත්‍යාංශය පවසයි.