යුද්ධයට පෙර මෙන්ම අවසන් යුද සමයේදී උතුරු පළාතේ ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවත්විය යුතු බව පවසමින් යාපනයේ මාධ්‍ය සමාජය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කොට ඇත.
මෙහිදී මාධ්‍ය ආයතන කිහිපයකම යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ නිමලරාජන් මයිල්වාගනම් මහතාගේ ඝාතනයේ සිට උතුරු ප්‍රදේශයේ සෙසු මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් හා අතුරුදන්වීම් පිළිබඳව පරීක්ෂණයක් සිදු කර සොයා බැලිය යුතු බවට එම ලිපියෙහි සඳහන්ව තිබේ.