උතුරේ මහ ඇමතිවරයා සහ සිංහල පුවත්පත් කිහිපයක් නැවත රට තුළ ජාතිවාදය වපුරමින් සිටින බවත්, ජාතිවාදය වපුරන එම පුවත්පත්වලට එරෙහිව කොළඹදී මහා රැලියක් පවත්වා ජනතාව සමග පාරට බසින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම අමතා අග්‍රාමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.
උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් කළ ජාතිවාදී ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කනේ පහරක් ලැබුණු බැවින් ඔහුට පිළිතුරු දීම අනවශ්‍ය බව වික්‍රමසිංහ මහතා පැවසීය.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 'කඩේ ගිය' සිංහල පත්තර කිහිපයක් යුද්ධයක් යළි එන බව පෙන්වාදෙමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරන බැවින් ඔවුන්ට පිළිතුරු දිය යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙරට ප්‍රසිද්ධ සිංහල පුවත්පත් තුනක නම් සහ ඒවායේ කතුවරුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට දැඩි ලෙස චෝදනා එල්ල කළ වික්‍රමසිංහ මහතා, මොවුන් පිළිබඳව සඟවා කීමෙන් වැඩක් නොමැති බැවින් මෙසේ ප්‍රසිද්ධියේ චෝදනා කිරීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.
පසුගිය අවුරුදු 10ක කාලය තුළ විද්‍යුත් නාලිකා කිහිපයක් තමන්ට දැඩි ලෙස පහර ගැසුවද ඔවුන්ට තමන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බවද ඒ මහතා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,
'මේ පත්තර කිහිපය තමයි මහින්ද රාජපක්ෂට කඩේ ගියෙ. මේ කර්තෘවරු ආණ්ඩුවෙයි, පත්තරෙයි දෙකේම තනතුරු තියාගත්තා. මේ අය කිසිම ලැජ්ජාවක් නැතිව ආණ්ඩුව මාධ්‍ය‘වේදීන් මර්දනය කරනකොට ඒකට උපකාර කළා. එක්නැලිගොඩ අතුරුදන් කළාම ඒකට අත්පුඩිගහපු අය හිටියා.
මේ කණ්ඩායමට කාරණා දෙකක් කරන්න බැරිවුණා. මාව දේශපාලනයෙන් විනාශ කරලා ඉවත් කරන්න අවුරුදු දහයක් බැලුවත් ඒක කරන්න බැරිවුණා. ඒත් මම තාමත් ඉන්නවා. ඊළඟට එයාලා බැලුවා මේ පාරත් මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න. ඒකත් බැරිවුණා.
මේ අය රාජපක්ෂ රෙජීමයෙන් සල්ලි අරන් කාපුවා බීපුවා ගැන ඔක්කොම මම හොඳට දන්නවා. මේ අය මේ යහපාලනය තුළ තවමත් හැදෙන්නෙ නැත්නම් අපිත් ලැහැස්තියි ඔවුන්ට විරුද්ධව පාරට බහින්න කියලා මම කියනවා.
එක් පුවත්පතක ප්‍රධාන කර්තෘ ජනාධිපතිගේ උපදේශක. මාධ්‍ය නිදහස ගැන කතා කරනවා නම් එයා මෙතැන වැඩ නොකර අයින් වෙන්න ඕනෑ. මොනවද මේ කර කර ඉන්නෙ? මම ඔහුට කියනවා කරපු වැඩවලට සහෝදර මාධ්‍ය‘වේදීන්ගෙන් සමාව ඉල්ලන්න කියලා. මේ ජාතිවාදය අදින්න යන එකට මම මේ පත්තර කොම්පැනි අයිතිකාරයන්ට එරෙහිව විභාගයක් කරනවා.
තවත් කර්තෘ කෙනෙක් ඉන්නවා. එයා මම හදපු මිනිහෙක්. මම දන්නවා ජාතිවාදයට එරෙහිව ගන්න පියවර මොකක්ද කියලා. එයාට හැදිලා එන්න කියලා මම කියනවා. මේවගේ ජාතිවාදය වපුරන අය මාධ්‍ය‘යේ තියා රටේ ව්‍යාපාරවලත් ඉන්න හොඳ නැහැ.
ජාතිවාදය ගැන කතාකරන අය මම කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරන්න යනවා. මේ අය මහින්ද රාජපක්ෂගේ වැසිකිළි සේදීම ගැන සහෝදර මාධ්‍ය‘වේදීන්ගෙන් සමාව ඉල්ලන්න කියලා මම කියනවා. ඔවුන් කරන්නෙ සක්කිලි වැඩක්. මාධ්‍ය නිදහසට ගරු කරන්න කියලා මම ඔවුන්ට කියනවා.
මේක එයාලට තේරෙන්නෙ නැත්නම් මම මේ ගැන කතා කරන්න එන සුමානේ මුද්‍රිත මාධ්‍ය අයිතිකාරයොයි, කර්තෘවරුයි, නිදහස් මාධ්‍ය‘යේ මාධ්යකරුවොයි, මානව හිමිකම්වල අයයි ඔක්කොම කැඳවනවා. එතකොට තියෙන දෙයක් කියාගන්න පුළුවන්නෙ. කවුරු හරි ආවෙ නැත්නම් ඒකත් මම බලාගන්නම්.
අලුත් යහපාලනය සමග සෙල්ලම් කරන්න එපා කියා මා ඔවුන්ට කියනවා. මේ ඔවුන්ට දෙන අන්තිම අවවාදයයි.' යැයි පැවසීය.