ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අත්තනෝමතිකව වේලාවක් නොමැතිව උතුරු පළාතේ ධාවනය කරන බව පවසමින් උතුරේ සියලුම පෞද්ගලික බස් රථ ධාවන කටයුතුවලින් අද (27දා) ඉවත් විය.
ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සංගම් පොදු කාලසටහනකට අනුව බස් ධාවනය කරන බවට එකඟතාවකට පැමිණියද, ඒ කිසිවක් නොතකා ලංගම බස් රථ අත්තනෝමතිකව පෞද්ගලික බස් රථ ධාවනය ආරම්භ වන වේලාවට පෙර කිසිදු කාලසටහනක් නොමැතිව ධාවනයට එක් වීම හේතුවෙන් පෞද්ගලික බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවන බවට පෞද්ගලික බස් රථ හිමියෝ කියා සිටිති.
ඊට අමතරව උතුරු පළාතේ ලංගම ඩිපෝවලට අයත් නොවන වෙනත් පළාත්වලට අයත් ඩිපෝවල බස් රථද උතුරු පළාතේ ධාවනයට යොදවා ඇති බවද ඔවුහු චෝදනා කරති.