උතුරේ දූෂිත අමාත්‍යවරුන් 02ක් ඉවතට - තවත් 2ට මසක අනිවාර්ය නිවාඩු
උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා ලත් අමාත්‍යවරුන් සිවුදෙනාට අයත් කමිටු වාර්තාව අද (14දා) පළාත් සභාවේ විවාදයට ගත් අවස්ථාවේදී අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉල්ලා අස්වන ලෙසත්, ඉතිරි දෙදෙනාට මාසයක නිවාඩු ගන්නා ලෙසට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් පළාත් සභා සැසියේදී සඳහන් කර සිටියේය.
ඒ අනුව අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ටී. ගුරුකුලරාජා මහතාට සහ කෘෂිකර්ම, ගොවිජන හා පශු සම්පත් අමාත්‍ය පී. අයින්කරනේෂන් මහතාට ඉල්ලා අස්වන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
ධීවර, ප්‍රවාහන හා වෙළෙඳ කටයුතු අමාත්‍ය බී. ඩෙනිස්වරන් මහතාට හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාට දූෂණ කමිටු වාර්තාවේ පරීක්ෂණ පැවත්වෙන බැවින් මාසයක නිවාඩු ලබාගන්නා ලෙස උතුරු මහඇමතිවරයා දැනුම් දුන්නේය.
එමෙන්ම අදාළ අමාත්‍යවරුන් සිවුදෙනාගේ සියලු අමාත්‍යාංශවල බලතල තාවකාලිකව තමන් යටතට පත්කර ගන්නා බවද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාට දැනුම් දෙනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

