උතුරු ප්‍රදේශයේ බෝම්බ ඉවත් කිරීම සඳහා තවදුරටත් අක්කර 64 ක ප්‍රමාණයක් තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් ජයන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හමුදා ප්‍රකාශකවරයා මේ බව කීය.
අක්කර 2064 ක ප්‍ර‘දේශයකබිම්බෝම්බ ඉවත් කිරීමට සිදුව තිබුණු අතර, ක්‍රමානුකූලව එය අක්කර 64 දක්වා අඩුකරගැනීමට හැකි වී ඇති බවත්, මෙම ඉතිරිව ඇති ප්‍ර‘දේශයේ ඉතා පරීක්ෂාකාරීව බිම් බෝම්බ ඉවත් කිරීම සිදුකළ යුතුබවත් ඔහු කීය.
ජනතාව පදිංචි ප්‍රදේශසහ කෘෂිකාර්මික ප්‍ර‘දේශ මේ අතර වන බැවින් මෙම ප්‍ර‘දේශය තුළ බෝම්බ ඉවත් කිරීමට තරමක කාලයක් ගතවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.