උතුරේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දමිල ජාතික පවුලක් මෙසේ ඉන්දියාවට ගොස් තිබේ. මව, පියා හා දියණියන් තිදෙනෙක් එම පවුලට අයත්වෙයි.
ඉන්දිය පොලීසිය ඔවුන්ගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී මොවුන් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වීම සඳහා කිසිවක් කළ නොහැකි හෙයින් තමන් ඉන්දියාවට පැමිණ බවයි. මන්නාරම සිට රුපියල් 25000කට කුලියට ගත් බෝට්ටුවකින් ඔවුහු ඉන්දියාවට ගොස් සිටිති.