උතුරු මහඇමති ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡාවකින් පසුව පළාත් සභාවේ ගැටලුව විසඳීමට නම් ප්‍රථමයෙන්ම තමන්ට එරෙහිව එහි මන්ත්‍රීවරු පිරිසක් පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශ ඉවත්කර ගත යුතු යැයි උතුරු මහඇමති සී.වී. විග්නේෂවරන් මහතා පවසයි.
යාපනයේ පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී ඊයේ (17දා) සවස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
"ජනතාව දැන් කැළඹිල ඉන්නේ. එවැනි වාතාවරණයකදී ආගමික නායකයින් මේ ගැන දැනගෙන හිටියොත් තමයි තීරණ ගැනීමට හැකි වෙන්නේ. මේ සියල්ලක් පිළිබඳවම මම ආගමික නායකයන්ව දැනුවත් කළා. මේ ගැටලුව විසඳන්න නම් මට විරුද්ධව දීල තියන දිවුරුම් ප්‍රකාශ ඉවත් කරගත යුතුයි කියලා"යනුවෙන් අමාත්‍යවරයා සඳහන කළේය.