උතුරු ප්‍රදේශයේ පවතින සියලුම පුරාවිද්‍යා වටිනාකමින් හා සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථාන සංරක්ෂණය කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
ඉපැරණි ස්ථාන සංරක්ෂණය කිරීමට අමතරව සංචාරකයන්ට එම ස්ථාන නැරඹීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා ස්ථාන 10 ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.