උතුරු පළාතේ H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැලඳුණු බවට සැකකරන රෝගීන් 400ක් පමණ මේ වනවිට හමුවී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා පැවසීය.
ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම රෝහලේ දැනට නේවාසිකව රෝගීන් 244ක් සිටින බවත්, ඉන් 80 දෙනෙකු ගර්භිණී මව්වරුන් බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම රෝගීන්ගේ රුධිර සාම්පල හා සෙම කොටස් කොළඹට යවා සිදුකළ වෛද්‍ය පර්යේෂණවලින් 65 දෙනෙකුට පමණ නියත වශයෙන්ම මෙම රෝගය වැලඳී ඇතැයි සොයාගත් බව ඒ මහතා සඳහන් කළේය.
උතුරු පළාතේ කිසිදු රෝහලකදී එම වෛරසය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැති බැවින් රෝගය වැලඳුණු රෝගීන් හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවත්, මෙම රෝගය පැතිර යන බවට ලැබෙන ආරංචිමාර්ග හේතුවෙන් දිනකට රෝගීන් 1200ක් පමණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.