පසුගිය ආණ්ඩුව යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් ප්‍ර‘දේශයේ ජනතාවගෙන් ලබාගෙන තිබූ ඉඩම්වලින් අක්කර දහසක ප්‍රමාණයක් නැවත ජනතාවට ලබාදෙන බවට නව ආණ්ඩුව දින 100 වැඩපිළිවෙළ යටතේ ලබා දී තිබූ පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට කළ බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. ස්වාමිනාදන් මහතා සඳහන් කරයි.
මේ අනුව වලිකාමම් උතුර සහ දකුණ ප්‍ර‘දේශවලින් මාර්තු 23 වැනිදා ඉඩම් අක්කර 430 ක් ඉඩම්වල සැබෑ අයිතිකරුවන්ට ලබාදුන් බවත්, අප්‍රේල් 10 වැනිදා ඉඩම් අක්කර 570 ක් නිදහස් කළ බවත් ඔහු පවසා සිටියේය.
මෙලෙස ලබාදුන් ඉඩම්වල සියලුම අයිතිකරුවන් ප්‍රා‘දේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරගන්නා ලෙස උපදෙස් ලබාදුන් බැවින් ඉඩම් ලබාගත් ජනතාව තමන් පදිංචි ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය තුළ ලියාපදිංචි වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
පංච පුද්ගල කමිටුවක නිර්දේශ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙම ඉඩම් අක්කර දහස මුදාහැරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.