උතුරු හා දකුණු කොරියා දේශසීමා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ උතුරු කොරියාව අද (19දා) දකුණු කොරියානු හමුදා ඒකකයක් වෙත ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ඒ අනුව, දකුණු කොරියාව එරට බටහිර දේශසීමාවේ සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.
මේ අතර, දකුණු කොරියානු ජාතික ආරක්ෂක මණ්ඩලයද හදිසියේ රැස්වීමට නියමිතව තිබුණි.
දෙරටේ බටහිර මුහුදු දේශසීමාව වසර ගණනාවක සිට නිරන්තරයෙන් උණුසුම් වන දේශසීමාවක් ලෙස සැලකෙයි.