උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසකගේ පොලිස් ආරක්ෂාව ඊයේ (28දා) දහවල් සිට ඉවත් කොට ඇති බව උතුරු පළාත් සභා මන්තී්රනි ආනන්දි සෂිදරන් මහත්මිය පැවසුවාය.
ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් හේතුවක් දක්වා නොමැති බවද ඇය පැවැසුවාය. උතුරු පළාත් සභා විපක්ෂ නායක සින්නදුරෙයි තවරාජා මහතා පැවසුවේ සිය පොලිස් ආරක්ෂාව මෙන්ම කනගරත්නම් වින්දන් මන්තී‍්‍රවරයාගේ පොලිස් ආරක්ෂාවද ඉවත් කොට ඇති බවයි.