යාපනය චුන්නාකම්හි පිහිටා ඇති උතුරු පුද්ගලික විදුලි සමාගමේ සියලුම වැඩකටයුතු වහාම කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටවන ලෙස යාපනය මල්ලාකම් දිසා විනිසුරු එස්.සදීස්කරන් මහතා ඊයේ (27දා) දින නියෝග කොට ඇත.
යාපනය චුන්නාකම් ජනතා කේන්ද්‍රය මගින් මල්ලාකම් අධිකරණයේදී නඩුවක් ගොනුකරමින් සඳහන් කොට තිබුණේ මෙම විදුලි බලාගාරයේ ක්‍රියාත්මක වන යන්ත්රසූත්ර වල තිබෙන ඉන්ධන පොළවට කාන්දු වී අණතුරුව ප්‍රදේශයේ පිහිටි පානීය ජල ළිං වලට මිශ්‍ර වන බවයි.
මේ අනුව ඊයේ දින මල්ලාකම් අධිකරණයේදී අදාල නඩුව විභාග කෙරුණු අතර එහිදී පැමිණිළි පාර්ශ්වය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීඥයින් කියා සිටියේ මේ වන විට චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි සියලුම පානීය ජල ළිං වලට ඉන්ධන මිශ්‍ර වී ඇති බවටත් මේ හේතුව නිසා ප්‍රදේශයේ වැසියන් 35,000ක් පමණ දෙනා පීඩාවට පත්ව සිටින බැවින් වහාම මෙම ව්‍යාපෘතිය නැවතා දැමිය යුතු බවයි.
මෙහිදී උතුරු පුද්ගලික විදුලි සමාගම වෙනුවෙන් පෙනී සිටි වසන්ත කේ.ප්‍රනාන්දු මහතා මල්ලාකම් අධිකරණයේදී කියා සිටියේ 2007 වසරේ සිට පාරසරික බලපත් සහ සෙසු නීතිමය අවශ්‍යතාවයන් ඉටු කරමින් යුද සමයේදීද නොකඩවා යාපනයේ වැසියන්ට විදුලිය ලබා දීමට මහත් පරිශ්‍රමයක් දරූ මෙම සමාගම කිසිසේත් පරිසරයට බලපෑමක් වන ආකාරයට කිසිදු ක්‍රියාවක් සිදු නොකට ඇති බවය.
නමුත් මල්ලාකම් අධිකරණය විසින් එම පුද්ගලික විදුලි සමාගම වසා දැමීමට නියෝගය පැනවීමෙන් පසුව උතුරු පුද්ගලික සමාගමේ නිළධාරී මණ්ඩලය විසින් මල්ලාකම් අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් යාපනය මහාධිකරණය වෙතට ඇපෑලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.