ඉන්දීය ජාතිකයන් 6 දෙනෙකු සමග උතුරු මුහුදේදි නාවික හමුදාව අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය උතුරු මුහුදේදි නාවික හමුදා අත්අඩංගුවට පත්වූ විශාලම හෙරොයින් තොගය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා පැවැසීය.
එහි වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ වෙන බවද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේදී නාවික හමුදාව හෙරොයින් කිලෝ ග්‍රෑම් 111ක් අත්අඩංගුවට ගත් අතර එය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉහළම හෙරොයින් තොගය වෙයි.