ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝද මහතාට සෘජුවම ලිපියක් යොමු කිරීමෙන් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා විදේස් සම්ප්රදාය කඩකළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ.
ඉන්දියාවේ ජීවිතාන්තය දක්වා සිරගතම සිටින ශ්‍රී ලංකා ජාතිකයන් සිවුදෙනෙකු නිදහස් කරන ලෙස උතරු මහ ඇමතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සෘජුවම ලිපියකින් සඳහන් කර තිබේ. ය
කෙසේ වෙතත් වෙනත් රටක රාජ්‍ය නායකයෙකුට ලිපියක් යොමු කරයි නම් ප්‍රථමව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමුකළ යුතු අතර අමාත්‍යාංශය හරහා එය අදාළ රටට යොමුකරන බව අදාළ ප්‍රකාශකයා ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවයට පවසා තිබේ.