උතුරු නැගෙනහිර පළාත් දෙක සඳහා ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.වි ග්නේස්වරන් යාපනයේදී පැවසුවේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ඊයේ (28දා) ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනය ඉන්දීය තානාපති කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
‘‘දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වුණා. මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව මම විශ්වාස කරනවා
ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම නිසා. එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පළාත් සභා දෙකක් ලැබුනා.
යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටිනවා. මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසඳුමක් වශයෙන් ඇත්තේ ෆෙඩරල් විසඳුමක් පමණක් බවට ඉන්දියාව තේරුම් ගෙන තියනවා."