දෙමළ සිරකරුවන් පිළිබඳව අවධානය යොමුකරමින් ඒ පිළිබඳව කටයුතු කරන්නැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිට ලිපියක් යොමුකරමින් පවසයි.
දෙමළ දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගත් හේතු ඇතුළත් කළ වාර්තාවක් පිළියෙළ කිරීම, ඉතා සුළු වැරදි කර ඇති අය සඳහා සමාව දීම හෝ ඇප මත නිදහස් කිරීම, අධිචෝදනා ඉදිරිපත් කිරීමට පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීම, ත්රස්ත විමර්ශන පනත යටතේ අත්අඩංගුවට ගත් අය සඳහා වන සිදුවීම් පිළිබඳව නඩු ඇසීම ආරම්භ කිරීම යනාදී කරුණු හතක් පිළිබඳව ඔහු ජනපතිගේ අවධානය යොමුකොට තිබේ.
දෙමළ සිරකරුවන් පිළිබඳව වන ගැටලුව මානුශීය ගැටලුවක් බවත් ඔහු සඳහන් කරයි.