ශ්රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව සකස් කළ වාර්තාව ප්රමාදයකින් තොරව එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය සඳහා ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් සභාවේ මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාව සඳහා තරග කළ සිවාජිලංගම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට ලිපියක් යොමුකරමින් පවසන්නේ අදාළ වාර්තාව කල්දැමිමට ගත් තීරණය පිළිබඳව දෙමළ ජනතාව කළකිරීමෙන් සිටින බවයි.
එසේම අදාළ වාර්තාව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම පිළිබඳව දෙමළ ජනතාව අතර බලාපොරොත්තුවක් තිබෙන බවත්, එය ප්රමාද වුවහොත් විපාක ලද්දන්ට යුක්තිය ඉටුවීමද ප්රමාද වන බව හෙතෙම යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
පී.ටී.අයි. ඇසුරෙනි