ශ්‍රී ලංකාව බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත්කිරීස සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් උතුරු පළාත් මන්ත්‍රී අගිලාදාස් මහතා පරිත්‍යාග කර තිබේ.
උතුරේ සිට දකුණට ආධාර ද්‍රව්‍ය රැගෙන පැමිණි, පුරවැසි අත්වැල මනුෂ්‍යත්වයේ දුම්රිය, වැඩසටහනට සමගාමීව මෙම මූල්‍ය පරිත්‍යගය සිදු කෙරිණ.
යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත් මන්ත්‍රීවරයා ඊයේ (12දා) චෙක්පත ලබාදුන්නේය.