උතුරු මැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මහනුවර රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (22දා) පොලොන්නරුව හේවාගම පොදු සුසාන භූමියේදි සිදුකිරිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.