උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් දෙදෙනෙකුට එල්ල වූ දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ නියෝගය මත සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (06දා) පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ හේතුවෙන් උතුරු පළාත් සභාවේ දෙදරීමක් සිදුවනු ඇතැයි පළාත් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේසන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජා මහත්වරුන්ට එල්ල වී ඇති දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුතුව පත්කළ ත්‍රිපුද්ගල කමිටුවකට පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරම් මහතා උපදෙස් ලබාදී තිබිණි.
අදාළ වාර්තාව මැයි මාසයේ අවසානයේදී ප්‍රධාන අමාත්‍යවරයාට බාරදී ඇති අතර එය පිටු 82කින් යුතු වාර්තාවකි.අදාළ වාර්තාව මගින් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා සනාථ වී ඇති බව දක්වා ඇති අතර, අමාත්‍යවරුන් දෙපළ ඉවත් කරන ලෙස නිර්දේශ ඇතුළත් කර ඇති බවද 'අද' ට වාර්තා වේ.
මේ හේතුවෙන් අදාළ වාර්තාව පළාත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව පළාත් සභාවේ දෙදරීමක් ඇතිවිය හැකි බවද වැඩිදුරටත් වාර්තා වේ.