සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උතුරු පළාත් සභා මන්ත්‍රී අබ්බාස් අබ්දුල් රිෆ්කාන් බදියුදීන් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගියදා (06දා) උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාට ලිපියක් මගින් බාරදුන් බවට එම පක්ෂයේ සාමාජික පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා සඳහන් කර සිටියේය.
ඒ මහතා උතුරු පළාත් සභා සැසි වාරයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.
මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ඉවත් වීම පිළිබඳ පළාත් සභා සභාපතිවරයා විසින් පක්ෂ ලේකම්වරයාට හා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන අතර, පසුව නව මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට නියමිතය.
කෙසේ වෙතත් එම පක්ෂයේ ඊළඟට මනාප ලැයිස්තුවේ ඉහළින් සිටින්නේ අලිකාන් සරීබ් නැමත්තාය.
අදාළ මන්ත්‍රීවරයාගේ ඉවත් වීම පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයන් කියා සිටියේ, පක්ෂයේ සෙසු සාමාජිකයන්ට අවස්ථාව හා අත්දැකීම් ලබාදීමට රිෆිකාන් මන්ත්‍රීවරයා මෙසේ ඉවත් වීමට පියවර ගත් බවයි.