උතුරු පළාත් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ අධ්‍යාපනික සමුළුවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමවරට යාපනයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ එකඟතාවය පළවිය. ඒ අනුව අප්‍රේල් මස 23,24 සහ 25 දිනවලදී යාපනයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතය.
අද (07දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. මෙම අවස්ථාවට උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එස්. සත්‍යසීලන්, උතුරු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වී. සෙල්වරාජා, යාපනය විශ්වවිද්‍යාල කථිකාචාර්ය කේ. සර්වේස්ටර්න් යන මහත්වරු සහභාගී වූහ.