උතුරු පළාත් ආණ්ඩුකාරගේ අවුරුදු පණිවිඩය
අතීතයේ පටන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප රටේ සියලු ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමගිය සහ එකමුතුභාවය මූලික කරගත් අලුත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇතිකර ගනිති.
අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ මග පෙන්වීම යටතේ උතුර හා දකුණ අතර සහජීවනය ඇති කරන උත්සාහයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වාදභේද අතහැර නැවුම් බලාපොරොත්තු ඇති කරගැනීමට අවස්ථාව ලබාදෙයි. උතුරේත් දකුණේත් එකම සුභවේලාවකට සියලු සුභකටයුතු සිදුකරන මෙවැනි උත්සවයක් ලෝකයේ අන් කිසිදු රටක නොමැත.
මෙම කාලවකවානුව අපගේ මුතුන්මිත්තන් අපට උරුම කරදුන් අපගේ සංස්කෘතික උරුමයන්හි වටිනාකම අපට මතක් කරදෙයි. මෙවැනි උතුම් උත්සවයක ඇති වටිනාකම අපගේ දරුවන්ටද කියා දීමට මෙය අවස්ථාවක් කරගනිමු.
පාරම්පරික සිරිත්-විරිත්වලට මුල්තැන දෙමින් එකම සිතුම් පැතුම් ඇති එකම ශ්රී ලාංකීය ජාතියක් ලෙස සමරන්නාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමයෙන් සහ සෞභාගයෙන් පිරි වාසනාවන්ත ප්රීතිමත් අලුත් අවුරුද්දක් වේවායි මම ඉත සිතින් ප්රාර්ථනා කරමි.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

