වසර 25 ක් පුරාවට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ධීවර ජනතාව ඇතුළු වැසියන් පවුල් දසදහසකට වැඩි ප්‍රමාණයක් තවමත් අනාථ කඳවුරු තුළ ජීවත් වන බවට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන්,
"පසුගිය රජයෙන් ජිනීවාවලටත් ගිහිල්ලා කිව්වා කිසිම වැසියෙක් ලංකාව තුළ අනාථ කඳවුරුවල නැහැ කියලා. නමුත් තාමත් පවුල් දස දහසකට වැඩිය උතුරු නැගෙනහිර ප්‍රදේශවල අනාථ කඳවුරුවල ජීවත් වෙනවා.1990 වසරේ ඉඳන් මේ වැසියන් විවිධ අවස්ථාවලදී අවතැන් වුණා. නමුත් හැමකෙනෙක්ම කතා කළේ යුද සමයේදී අවතැන්ව වවුනියව අනාථ කඳවුරුවල ජීවත් වූ අය ගැන විතරයි.
ඒ අය පදිංචි කළාම නැවත පදිංචි කිරීම් අවසන් කියල පැවති රජයන් හිතුවා. නමුත් වසර ගණනාවක් අපේ රටේ මේ ප්‍රදේශවල වැසියන් අනාථ කඳවුරුවල ජීවත් වෙනවා. මේ වැසියන් ඉතා ඉක්මනින් නැවත පදිංචි කිරීමට වත්මන් රජය හෝ ක්‍රියාකළ යුතුයි." යැයි පවසා සිටියේය.