දීර්ඝ කාලයක් පුරා උතුරු නැගෙනහිර පළාත් වල පැවති යුදමය තත්ත්වය හේතුවෙන් අඩාල වූ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායන් දෙකක් පිහිටුවීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මඩකලපුවේ පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම දැනට නැවතී ඇති නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව සොයා බලන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.