උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි.
නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව වැඩිදුරටත් පවසයි.